රනිල් මහතාගේන් ප්‍රකාශයක්.! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව පසුගිය (26) වනදා ඇපමත මුදා හැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන (06) වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන (06) වනදා පක්ෂ සම්මේලනය පැවැත්වීමට නියමිත අතර එහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත වාර්තා වේ.

කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (29) දින රෝහලෙන් පිටව ගියේය.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය (22) වෙනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය (26) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *