මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ස්මාර්ට් කන්නාඩි හඳුන්වාදීමට සැරසෙයි

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අනාගත තාක්ෂණික ලෝකය පිළිබඳව සිය දැක්ම ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ අනාගතය ස්මාර්ට් කණ්ණාඩි සතු බවයි.

මෙටා කනෙක්ට් සමුළුවේදී කෘතිම බුද්ධිය (AI) මගින් බල ගැන්වෙන නව ස්මාර්ට් කණ්ණාඩි යුගලයක් එළිදැක්වීමට නියමිතය. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අනාගතයේදී ස්මාර්ට් කණ්නාඩි භාවිතා නොකරන්නන් හට සැලකිය යුතු අවාසිවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

රේ – බෑන් කන්නාඩි සමගින් සාර්ථකත්වයක් ඇතිකරගෙන තිබෙන අතර වෙළඳපොළ සමීක්ෂණවලින් පෙනී යන්නේ meta දැනටමත් ස්මාර්ට් කණ්ණාඩි ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවයි. මෙම කණ්නාඩි වලින් පරිසරය හොඳින් විශ්ලේෂණය කර හැකි බව පෙන්වා දෙයි.

මෙම තාක්ෂණය මගින් පරිශීලකයාව ගැඹුරින් හඳුනාගෙන ඔවුන්ගේ අරමුණු තේරුම් ගෙන ඒවා සාක්ෂාත් කර ගැනීම උදෙසා උපකාර කිරීමට අරමුණු කරන අතර ඒ සඳහා ස්මාර්ට් කන්නාඩි ප්‍රධාන මෙවලමක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙය ස්මාර්ට් කන්නාඩි තාක්ෂණය තුළ තරගකාරීත්වයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Spread the love

6 thoughts on “මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ස්මාර්ට් කන්නාඩි හඳුන්වාදීමට සැරසෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *