හිරේ යන පුද්ගලයින් අඩු කරන්න හර්ෂණගෙන් යෝජනා 2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03 Facebook Twitter WhatsApp Telegram
බන්ධනාගාරගත වන පුද්ගයින් සංඛ්‍යාව අඩු කිරීම අරමුණ විය යුතු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පැවැති 27 වැනි සිරකරු දින උත්සවයට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ බන්ධනාගාරගත වන සිරකරුවන් වෙනුවෙන් සිරකරු සුභ සාධක සංගමය විසින් ලබා දෙන සේවය ප්‍රශංසනීය වන බවයි.
එමෙන්ම මේ වන විට බන්ධනාගාර තුළ සිරකරුවන්ගේ විශාල තදබදයක් පවතින බවත් එම තදබදය අඩු කරමින් අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
එහිදී බන්ධනාගාරගත වන පුද්ගලයින් සංඛ්‍යාව අවම කිරීමත් බන්ධනාගාරගත වන සියලු දෙනාගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී පහසුකම් ඇති කිරීමත් අතිශයින් වැදගත් වන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
එමෙන්ම නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන බවත් රජයක් ලෙස නීතියේ විධානයේ අධිපත්‍ය සුරක්ෂා කරමින් සමානාත්මතාවයෙන් යුතු රටක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
මේ අතර සිරකරු සුභ සාධක දිනයට සමගාමීව දිවයිනේ බන්ධනාගාර 28ම ආවරණය වන පරිදි සිරකරුවන් වෙනුවෙන් ආධ්‍යාත්මික, ක්‍රීඩා, සෞඛ්‍ය, සංස්කෘතික සහ නීති උපදේශන වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.
එහිදී සිරකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සහ ස්වයං රැකියාවල නිරත සිරකරුවන්ට උපකරණ ප්‍රධානය කිරීම සහ සිරකරු දින කොඩි පැළඳවීමට මෙහිදී සිදු කෙරුණා.

