🔴 ශ්‍රී ලංකාව අද ශක්තිමත් පදනමක් ඇති ආර්ථිකයක් සහිත රටක් ලෙස ගොඩ නගනවා BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

2025 වසර මෙරට ආර්ථික, සමාජයීය සහ දේශපාලන වශයෙන් මෙන්ම නීතියේ ආධිපත්‍යය යන සියලු ක්ෂේත්‍රවල සුවිශේෂී හැරවුමක් සනිටුහන් කළ වසර බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආර්ථික කඩා වැටීමකින් පසු රටකට දශකයක් අහිමි වන නමුත්, එය දශකයට අඩු හෝ ඇතැම්විට හරි අඩකින් මෙම තත්ත්වය වෙනස් කිරීමට වත්මන් රජය කැප වී සිටින බවයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙරට ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීම වෙනුවෙන් රජය බහුවිධ මානයන් ඔස්සේ කටයුතු කරමින් සිටින බවත් එහිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සියලු දෙනා නීතිය යටතට ගෙන ඒම, සන්නද්ධ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬ පැවැත්වීම, දේශපාලන අධිකාරිය පුරා පැතිරී තිබෙන අල්ලස සහ දූෂණය නැති කිරීම මෙන්ම, නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම වෙනුවෙන් අවශ්‍ය වැටුප් වැඩිකිරීම සහ පහසුකම් ලබාදීම ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සුවිශේෂී වර්ධනයන් අත්පත් කරගෙන තිබෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *