අද කාලගුනය ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි BBCMirror.lk . CNN-Mirror.com asianewsplusone.com sfmnewslk.com
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) පස්වරු 1.00න් පසු මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

