කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරයි
BBCMirror.lk
CNN-Mirror.com asianewsplusone.com sfmnewslk.com
- ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.
ආගන්තුක සත්කාර ක්ෂේත්රය තුළ පවතින ඉහළ තරඟකාරීත්වය හමුවේ මෙම හෝටලයේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ධනාත්මක ගමන් මග සහ එහි සුබවාදී දැක්ම කෙරෙහි ද මෙමඟින් මනා දායකත්වයක් සපයයි.
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය තුළ වසර 35කට අධික අත්දැකීමක් සහ ඉතිහාසයක් ඇති කොළඹ හිල්ටන් හෝටලය නවීන මෙන්ම සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත අතර එහි අමුත්තන්ගේ කාමර සහ සූට්ස් 368ක් තිබේ.එපමණක් නොව වැඩිදියුණු කළ පොදු පහසුකම් රාශියක් මෙන්ම කාමර, අති නවීන භෝජනාගාර , අවන්හල් , රැස්වීම් පහසුකම් අන්තර්ගත වේ.

