ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය මෙරට දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර තිබෙනවා.

නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩි දියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායකන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවයි.

මේ අතර ෆිච් රේටින්ස් ආයතනය ද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගු කාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේ ම පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව 2024 දී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ ද, රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළ යාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේ ම පවත්වාගෙන යෑමට හේතු වූ බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *