විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක් 2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ ‘ජාතික විශ‍්‍රාමික දිනය 2025’ සැමරුම් වැඩසටහනට එක්වෙමින්.
මෙම සැමරුම් උත්සවය සඳහා දේශීය හා බටහිර වෛද්‍ය කඳවුරු, සෞඛ්‍ය දේශන, ප්‍රවීණ කලාකරුවන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් සහිත රසවින්දන වැඩසටහන්, විශේෂිත තිළිණ ප්‍රදානයන් ඇතුළු අංග රැසක් ඇතුළත් වුණා.

