කොළින් ගේ නැකැත් තුලාව BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

දිනය:- 31/10/2025

මේෂ

අද දිනයේදී ණය ගැනීම් ආදියෙන් සුබයි. හවුල් කරුවන් අතර හොඳ හිත වර්ධනය කර ගනී. අද දින වාසි සහගත වේ. විවාහ අපේක්වෙන් සිටින අයවලුන් ඒ සම්බන්යෙන් වඩා උනන්දුවක් දක්වයි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයවලුන් සම්බන්යෙන් උසස් ප්‍රඵල ලබාගත හැක. ප්‍රේම සබඳතා කඩාකප්පල් වී සිත් වේදනාවන් ඇති විය හැක. ආහාරපාන ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ. පක්ෂීන්ට ආහාර ලබා දීමෙන් කටයුතු සාර්ථකත්වය ඉහල යයි.
සුබ අංක : 2, 52
සුබ වර්ණය : නිල්

වෘෂභ

අද දින ණය ගණුදෙනුවකට හිතවතෙකුගේ සහය ලැබිය හැක. එඩිතර හා කඩිසර වූ ඉරියව්වලින් යුතුව ක්‍රියා කරන දිනයකි. පාද වල යට කොටසේ ආබාධ මතු විය හැක. විවාහ ජීවිතය ගැන අවබෝධයෙන් කටයුතු කරයි. මව්පියන් ගැන කනස්සල්ලක් ඇතිවේ. දවස සුබ කර ගන්න ගිතෙල් පහනක් දල්වන්න.
සුබ අංක : 6, 10
සුබ වර්ණය : රතු

මිථුන

අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩු වේ. තැන්පත් ධනය පිළිබඳ කටයුතු කිරීමට එතරම් සුබ දිනයක් නොවේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. ආසාදන තත්ත්වයන් වලින් පීඩා ඇති වේ. ගිවිසුම් අත්සන් කිරීමට සුභ දිනයකි. දවස සුබ කර ගන්න අබ තෙල් පහනක් දල්වන්න.
සුබ අංක : 8, 72
සුබ වර්ණය : තැඹිලි

කටක

අද දින අවසන් නොවූ වැඩ කටයුතුවල සාර්ථක නිමාවක් දැකිය හැකි දිනයක් බැවින් ඒ පිළිබදව උනන්දු වන්න. වැය පස අධික වේ. පිත් ආශ්‍රිත රෝගී තත්ත්වයක් වර්ධනය වීමට ඩැඩි ඉඩක් ඇත. ලැබීම් අතින් යහපත් දිනයකි. ආගමානුකූලව සිටීමෙන් දවස සුභ කර ගත හැක. වැටකේ මලක් බෝ සමිදුට පූජා කරන්න.
සුබ අංක : 6, 21
සුබ වර්ණය : රතු

සිංහ

අද දින නිවසේ වැඩි කාලයක් ගත කිරීම නුවණට හුරු වේ. නොඉවසිලිවන්තභාවය නිසා හදිසි අනතුරුවලට මුහුණ දීමට සිදු වේ. හදිසි අනතුරුවලට ලක්වීමට ඉඩ ඇත. කුජ හෝ සිකුරු බලවත් අයගේ ලෞකික දියුණුවට මග සැළසේ. ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. යම් රෝගයක නිරෝගී භාවයක් ඇති වේ. දවස සුබ කර ගන්න පිච්ච මල් පූජා කරන්න.
සුබ අංක : 1, 12
සුබ වර්ණය : කහ

කන්‍යා

අද දිනය අනවශ්‍ය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන දිනයකි. විදෙස් ගමන්වලින් වැඩි වාසි අත්වනු ඇත. රවි බලවත් අයගේ සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. දුර ගමන් යෙදීමෙන් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වනු ඇත. උරුම දේපලක් ලැබීමට ඉඩ ඇත. අක්ෂි අබාධ ඇති අය දැඩි දුමාරයන් ඇති ස්ථාන වල රැඳීම අවදානම්ය. දවස සුබ කර ගන්න බුදුන් පුදා දවස ආරම්භ කරන්න.
සුබ අංක : 6, 99
සුබ වර්ණය : තැඹිලි

⚖තුලා

ඉවසිලිවන්තව තම වැඩ කටයුතු කිරීමෙන් අද දිනයේ ඇතිවන ගැටලු බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. අද දින නිෂ්ඵල දුර ගමන් යෙදේ. තම ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. මුදල් වියදම් කිරීම පාලනය කරගත යුතුයි. සිතේ ධෛර්යය ශක්තිය අඩුවේ. රාහු දුර්වල නම් ගලායන ජලයට කඩදාසි දමන්න.
සුබ අංක : 9, 75
සුබ වර්ණය : කහ

වෘශ්චික

මූල්‍ය වංචාවකට හෝ අක්‍රමිකතාවයකට අනවශ්‍ය ලෙස මුහුණ දීමට අවකාශ පෙන්නුම් කරන බැවින් කල්පණාකාරී වන්න. ඇවිදීමෙන් සහ කරන රැකියාවෙන් වාසි සහගත තත්ත්වයක් ඇතිවේ. මැණික් ව්‍යාපාරවල යෙදී සිටින්නන්ට යහපත් දිනයකි. මානසික සෞඛ්‍ය පිරිහිය හැකි බැවින් පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත් විය යුතුය. හිත මිත්‍රාදීන්ගෙන් සහයෝගය ලැබීම නිසා යහපත් ප්‍රතිඵල උදාකර ගත හැක. දවස සුබ කර ගන්න ගිතෙල් පහනක් දල්වන්න.
සුබ අංක : 4, 77
සුබ වර්ණය : නිල්

ධනු

අධ්‍යාපන අංශයන්හි නිරතවන්නන්ට සුබයි. උසස් සිතිවිලි පහලවේ. සිය යහළුවෙකුට යම් අකටයුත්තක් සිදු වීමට හෝ ඒ සම්බන්යෙන් කටයුතු කිරීමට සිදු විය හැක. මූල්‍ය වංචාවකට ලක්වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත. ඔබේ දක්ෂතා කෙරෙහි යතන ප්‍රධානීන්ගේ අවධානය යොමුවේ. රාහු දුර්වල නම් ගලායන ජලයට කඩදාසි දමන්න.
සුබ අංක : 1, 40
සුබ වර්ණය : කොළ

මකර

අද දිනය ඔබට අනතුරු ඇති කරවයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. කුජ දුර්වල අය අද දින වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. විවාහ සහකරුගේ සහයෝගය නිසා වැඩි වාසි අත්වනු ඇත. සමේ රෝගවලින් පීඩා ගෙන දිය හැකි බැවින් පිරිසිදු කම ඉතා වැදගත් වේ. ගින්දර ආශ්‍රිත කටයුතුවලින් ඈත්ව සිටින්න. දවස සුබ කර ගන්න වැඩිහිටියන් නමැද දවස අරඹන්න.
සුබ අංක : 8, 48
සුබ වර්ණය : තැඹිලි

කුම්භ

වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් ඔබ තුළින් පෙන්නුම් කරයි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට අවකාශය ලැබේ. යටපත්වූ අසනීපයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මව් පිය පාර්ශ්වයේ උදව් උපකාර ලැබේ. ආසාදන තත්ත්වයන් වලින් පීඩා ඇති වේ. දවස සුබ කර ගන්න ගුරුවරයකුට උදව් උපකාර කර දවස අරඹන්න.
සුබ අංක : 7, 41
සුබ වර්ණය : කොළ

මීන

අද දිනය සුබ දිනයකි. ධෛර්යයෙන් යුතුව ක්‍රියා කිරීම නිසා ජයග්‍රහණ ලැබෙන දිනයකි. මුදල් ඉපයීමේ මාර්ග පෑදේ. දණහිස් ආබාධ මතු විය හැක. සිතේ නොසන්සුන්තා ඇතිවේ. රාහු දුර්වල නම් ගලායන ජලයට කඩදාසි දමන්න.
සුබ අංක : 5, 60
සුබ වර්ණය : රෝස

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *