ක්රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
2025.11.03.
කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි සිසුන් ගේ සුහද හමුවක් ඉකුත් 02 දා එම විදුහල් පරිශ්රයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට එම විදුහලේ වයස අවුරුදු 65 70 අතර වයස් කාණ්ඩවල අය සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාව වර්ණවත් කිරීම සඳහා ආදී සිසුන් ගේ නැටුම් ගැයුම් ඇතුළත් විශේෂාංග රාශියක් පැවති අතර සහභාගී වූවන් පාසැල් නිල ඇදුමෙන් හා නිල් පැහැති කොට කලිසමෙන් සැරසී සිටිනු දක්නට ලැබුණි.
මෙය 3 වන වරටත් සංවිධානය කරනු ලැබුවේ එම විදුහලේ ආදී සිසුන් වන අතර ඒ අවස්ථාවට විශ්රාමික ගුරු භවතුන් හා ආදී සිසුන් විශාල පිරිසක් සහභාගී වූහ.

