පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාදීම ඇරඹෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

 

පොල් වගාව රට පුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගෙවතු පොල් වගාවට පොල් පැළ ලක්ෂ පහක් නොමිලේ බෙදා දීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ඊයේ (09) අම්පාර උහන ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඇරඹුනා.

මෙහිදී උහන ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පවුල් 550ක් සඳහා පොල් පැළ 1,100ක් බෙදා දීම හා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් සිදු කරනු ලබන සහනාධාර වැඩසටහන් අතුරින් තෝරාගත් පිරිස් සඳහා සහනාධාර චෙක් පත් බෙදා දීම ද සිදු උනා

ඊට සමගාමීව උහන පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් පොල් පැළ තවාන නිරීක්ෂණයට හා පොල් පැළ කිහිපයක් රෝපණය කිරීමට ද වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සහභාගි විය.

”කප්තුරු සවිය” වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරීමේ ව්‍යාපෘතියේ දී, උතුරු පොල් ත්‍රිකෝණය සඳහා තෝරාගත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක පහ හැර ලංකාවේ සෙසු දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2.5ක් සඳහා පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදා දීමට සැලසුම් කර ඇති අතර මෙමගින් අක්කර 7,812ක පොල් වගාවක් ඇති කිරීමට අපේක්ෂිතය.

මෙහිදී පොල් පැළ බෙදාදීමේ සිට පොල් අස්වැන්න නෙළන අවස්ථාව තෙක්ම පොල් වගා කිරිමේ මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරින් සමග ප්‍රජා ශක්ති කමිටුවේ නිලධාරින් විසින් පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව වරතා වේ

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *