ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව සඳහා ජපානයේ රැකියා
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
විදුලි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබාදෙන අවබෝධතා ගිවිසුමක් ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර පසුගිය බදාදා අත්සන් තැබිය.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී ය.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස් මේ සඳහා තෝරා ගැණෙන අතර අදාළ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.
එහිදී ශ්‍රී ලංකා රජයේ හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් මේ කර්තව්‍ය සම්බන්ධයන් හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කරන්නාවූ කටයුතු හා දක්වන්නා වූ සහයෝගය ද ජපන් දූත පිරිසේ අතිශය ප්‍රශංසාවට ලක්විය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් විදුලි කාර්මික ක්ෂේත්‍රයේ පුහුණුව ලැබූ මෙරට තරුණයින් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන අවබෝධතා ගිවිසුමක් පසුගිය දා ජපානයේ එන්ටර්ප්‍රයිසස් යුනයිටඩ් කෝපරේටිව් ආයතනය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය අතර අත්සන් තැබිය.
ඒ සඳහා ජපානය වෙනුවෙන් යුනයිටඩ් කෝපරේටිව් ආයතනයේ සභාපති කසුහිරෝ හන්සාකි සහ ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලාල් හෙට්ටිආරච්චි එක්ව සිටියේය.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් කෙරෙන මෙම අවස්ථාව ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සිදු කළ කාර්යභාරය මෙහිදී ජපාන නියෝජිතයින්ගේ විශේෂ පැසසුමකට ලක්විය.
ජපානයේ එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් සමාගමේ සභාපති කසුහිරෝ හන්සාකි කියා සිටියේ “විශේෂයෙන් විදේශ අමාත්‍යවරයා විසින් ප්‍රදර්ශනය කරන ලද සරල බව, කැපවීම, විනිවිදභාවය සහ දේශප්‍රේමය ගැන මම සැබවින්ම මවිතයට පත් වූනා. මම අමාත්‍යවරයා හමුවූ විට, එවැනි මහත්මයෙකු මම කිසි විටෙකත් අපේක්ෂා කලේ නැහැ. ඔහු ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙම ධනාත්මක දේශපාලන සංස්කෘතික වෙනස ගැන මම මගේ සෙසු ජපන් ව්‍යාපාරිකයින්ටත් කියා සිටිනවා. ඒ වගේම ලංකාවට පැමිණ ආයෝජනය කිරීමට ඔවුන් දිරිමත් කරනවා. දශක ගණනාවක් තිස්සේ ජපන් ජනතාව ශ්‍රී ලංකාවෙන් සහ එහි නායකත්වයෙන් අපේක්ෂා කළේ මෙයයි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජපන් ව්‍යාපාරික ප්‍රජාව තුලින් මතුවන මෙම ප්‍රසාදය, ශ්‍රී ලංකාවේ පරිණාමය වෙමින් පවතින දේශපාලන හා ආර්ථික භූ දර්ශනය කෙරෙහි විදේශීය ආයෝජකයින් අතර වර්ධනය වන විශ්වාසය සම්බන්ධයෙන් සංඥාවක් ද වේ.
ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනික සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි, සුදුසුකම් ලත් පිරිස් මේ සඳහා තෝරා ගැනීමට නියමිතය.
ඔවුන් වයස අවුරුදු 20 ත් 28ත් අතර විය යුතු අතර අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා තිබීම අනිවාර්ය වේ.
අයදුම්කරුවන් ජපන් භාෂාව හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකෙන අතර මේ සඳහා සියලු බඳවා ගැනීම් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය මගින් සිදුකරනු ලබයි.
නව රජයේ නිහතමානී, අව්‍යාජ කැපවීම හා රට ගොඩනැගීමට ඇති අවංක වුවමනාව පිළිබඳව මෙය ජාත්‍යන්තරයෙන් ලැබුණු සහතිකයක් ලෙසින් රටේ ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා මහත් ශක්තියක් සපයනු ඇත.

