අද උදෑසන (12/01/26) මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍ය Wang Yi මහතා ශ්‍රී ලංකාවට
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
අමාත්‍ය Wang Yi මහතා පිළිගනිමින්, දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දුන් හදිසි ආපදා සහන වෙනුවෙන් චීන රජයට සහ ජනතාවට මගේ අවංක කෘතඥතාව පළ කළෙමි.
අප අතර පවත්වනු ලැබූ සාකච්ඡාවේ දී වෙළඳ හා ආයෝජන, සංවර්ධන සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි අවධානය යොමු විය. විශේෂයෙන් දිත්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම ක්‍රියාවලිය කෙරෙහි ද සාකච්ඡාවේ අවධානය යොමු විය.
ස්වභාවික ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක් වූ හඳුනාගත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීන රජයේ සහාය විශේෂයෙන් ඉල්ලා සිටි අතර, අමාත්‍ය Wang Yi මහතා එම ඉල්ලීමට පෞද්ගලිකව මැදිහත් වන බවට සහතික වූයේ ය. ශ්‍රී ලංකාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා නිවැරදි මාවතේ ගමන් කරන බව විශ්වාසය පළ කළ හැකි බවත් ඒ සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් නැවත තහවුරු කලේය


