ගාල්ල වරායට ආසන්නයේ ඉරාන නෞකාවක් අනතුරට
www.bbcmirror.lk www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ගාල්ල වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ, වරායෙන් සැතපුම් 40ක පමණ දුරින් ගමන් කරමින් සිටි ඉරාන නෞකාවක් අනතුරකට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරට ලක් වූ නෞකාවේ සිටින පිරිස ආරක්ෂිතව මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රා මේ වනවිටත් අදාල ස්ථානය වෙත ගමන් කරමින් සිටින බව සඳහන්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති අතර, අනතුරට ලක් වූ පිරිසට උපරිම සහාය ලබාදීමට පියවර ගනිමින් සිටින බවය

