රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවිය යුතුයි. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

රටේ මත්ද්‍රව්‍ය ගැටලුවට විසඳුම් සෙවීම තවත් එක් වැඩසටහනකට පමණක් සීමා නොවී ජාතික ප්‍රමුඛතාවක් ලෙස බිම් මට්ටමේ සිට ප්‍රතිඵල ළඟා කර ගැනීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 13 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු 2026–2030 සඳහා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් (SUD) කළමනාකරණය , ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම උදෙසා වන ජාතික උපාය මාර්ගික සැලැස්ම (The National Strategic Plan for the Management, Treatment and Rehabilitation of Persons with Substance Use Disorders) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් කල්තියා හඳුනා ගැනීම, ප්‍රතිකාර අඛණ්ඩව පවත්වාගෙන යාම, ප්‍රජා පාදක පසු විපරම් සහ සාමාන්‍ය ජීවිතයට ඇතුළු වන පුද්ගලයින් සමාජයට නැවත හුරු කිරීම යන අංශවල පවතින හිඩැස් සහ ගැටළු කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම සැලැස්ම මඟින් ඉදිරිපත් කර ඇති පෙර සහ මූලික සෞඛ්‍ය සේවය හරහා රෝගී තත්ත්වය කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම, රෝහල් පාදක ප්‍රතිකාර සහ පසු විපරම් සේවා වැඩිදියුණු කිරීම, නේවාසික පුනරුත්ථාපන පහසුකම් පුළුල් කිරීම සහ ප්‍රජා පාදක පුනරුත්ථාපන සහ නැවත භාවිතය වැළැක්වීමේ වැඩසටහන් වැඩි දියුණු කිරීම ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන්, ගර්භනී කාන්තාවන්, දරුවන් සිටින මව්වරුන් සහ බන්ධනාගාර රැඳවියන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහාය ලබා දීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය.

මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජාතික දායකත්වය ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මත්ද්‍රව්‍ය උවදුර පවුල් මට්ටමේ සිට සමස්ත ජාතියේ සමාජ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට තර්ජනයක් වන බරපතල සමාජ අර්බුදයක් දක්වා පරිණාමය වී ඇති බව අවධාරණය කළා ය.

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා සමාන ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

www.bbcmirror.com

www.bbcmirror.lk      

www.bbcmirrormedia.com

www.bbcmirrormedia.org

www.asianewsplusone.com       

www.sfmnewslk.com   

www.Lankawebnews.lk   

www.ceylonwebrepoter.com    

www.ceylonwebnews.com        

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c      

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-         

https://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *