නුවරඑළිය සීතාඑළිය ශ්‍රී සීතයි අම්මාන් කෝවිල අසල අවිනීත රියදුරකුගෙන් නූලෙන් බේරුන ත්‍රී රෝද රථයේ ගමන් ගත් ජීවිත.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

නුවරඑළිය පොලිස් වසමට අයත් දෙස් විදෙස් සංචාරකයන් දිනකට දහස් ගණනින් ආගමික වතාවත් සඳහා සහභාගී වන නුවරඑළිය සීතාඑළිය සීතයි අම්මාන් කෝවිල ඉදිරිපිට ඇති පදික හුවමාරුවෙන් අධික වේගයෙන් වැරදි දිසාවෙන් පැමිණිත් මෝටර් රතයක් නිවැරදි දිසාවෙන් පැමිණි තීරෝද රථයකට ගැටීමට ගොස් ක්ෂණිකව බේරියාමක් ත්‍රී රෝද රථය තුළ සවිකර තිබුණු ආරක්ෂිත කැමරාවක පටිගත වී ඇත ,

අදාළ දර්ශනය 2026.03.18 සවස 05.02 ආරක්ෂිත කැමරාවේ පටිගත වී තිබුණු අතර එම අවස්ථාවේදී ත්‍රී රෝද රථය තුළ රියදුරු සමග තවත් දෙදෙනෙකු ගමන් කර ඇති ඇත ,

ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ දෛවෝපගත වාසනාවන්ත සිදුවීමකට බව එහි අසල සිටි ජනතාව පවසති ,

මෙම සිද්ධිය සම්බන්ධව නුවරඑළිය පොලිසියේ රථ වාහන අංශයෙ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර යාපා පහතාගෙබ් අප සිදු කළ විමසුමකදී ඔවුන කියා සිටියේ ත්‍රී රෝද රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ අනාරක්ෂිත ලෙස රිය පැදවූ මෝටර් රථයේ අංක තහඩුව පැහැදිලිව සඳහන් නොවනඅතර සීතාඑළිය දේවස්ථානයේ හා අවට ස්ථානවල ආරක්ෂිත කැමරා ඔස්සේ අදාළ වාහනය සහ රියදුරු හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *