තහනම් ලී තොගයක් වැටලූ පොලිස් මෙහෙයුම .

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ ගණනක වටිනා මහෝගනී දැව තොගයක් හැටන්හිදී කොටු වූ අතර සපු සහ කොට්ට පුළුන් දැව යට සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කළ ජාවාරමක් හෙළි විය ,

​කෑගල්ල ප්‍රදේශයේ සිට හැටන් කුඩාගම ප්‍රදේශයේ පිහිටි ලී මෝලක් වෙත බලපත්‍ර නොමැතිව වංචනික ලෙස ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් මහෝගනී දැව තොගයක් ලොරි රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත්ව තිබේ.

ඊයේ (21) පස්වරු 6:30 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේදීය.

​මෙම වැටලීම හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශ්ශංක ගොඩමුල්ල මහතාගේ උපදෙස් මත හැටන් මූලස්ථාන පොලිස් ස්ථානාධිපති අනුර සුගතදාස මහතාගේ සමීප අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

හැටන් පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ හැටන් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

​ප්‍රවාහනය සඳහා බලපත්‍ර අවශ්‍ය නොවන සපු සහ කොට්ට පුළුන් දැවවලින් ඉහළ කොටස ආවරණය කර ඒ යට ඉතා සූක්ෂම ලෙස සඟවා මෙම මහෝගනී දැව තොගය ප්‍රවාහනය කර තිබුණි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ දැව තොගය ප්‍රවාහනය කිරීමට බලපත්‍ර ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇත.

​අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ දැව තොගය සහිත ලොරි රථය අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *