භාණ්ඩ සඟවා වැඩි මිලට අලෙවි කලොත් නිතිය තදින් ක්‍රියාත්මකයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉන්ධන මිල වැඩිවීමේ බලපෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පිටකොටුව තොග වෙළෙඳුන් පෙන්වා දෙන්නේ පරිප්පු, හාල්මැස්සන්, පොල්තෙල් වැනි මූලික භාණ්ඩ රැසක මිල වැඩිවී ඇති බවයි.

මෙවැනි තත්ත්වය අතරතුර පාරිභෝගිකයින් අසාධාරණයට ලක්වීම වැළැක්වීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. ඇතැම් වෙළෙඳුන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා කෘත්‍රිම හිඟයක් නිර්මාණය කිරීමත්, මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමත් සිදු කරන බවද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම උත්සව සමය තුළ වෙළෙඳපොළ අක්‍රමිකතා වර්ධනය වීම වැළැක්වීම සඳහා අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් සති අන්ත හා රජයේ නිවාඩු දිනවලද අඛණ්ඩව රාජකාරි සඳහා යොදවීමට තීරණය කර ඇත.

පාරිභෝගිකයින්ට සිදුවන අසාධාරණකම් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1977 කෙටි දුරකථන අංකය භාවිතා කරන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *