ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ 75වන සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ ව්‍යාපෘතියක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ඩෙස්පෝඩ් දෙමළ මහා විද්‍යාලයට සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කෙරිණ .

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන දුෂ්කර ග්‍රාමීය දමිළ මාධ්‍ය පාසලක් වන නුවරඑළිය නානුඔය ඩෙස්පෝඩ් දෙමළ මහා විද්‍යාලයේ දීර්ඝ කාලීන අඩුපාඩුවක්ව පැවති සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ඉදිකර දුවා දරුවන්ගේ අයිතියට පත්කර විවෘත කිරීම අද (27) දින සිදු විය ,

මෙම පරිගණක විද්‍යාකාරයේ විවෘත කිරීම අධ්‍යක්ෂක ජනරාල් විද්‍යුත් හා පරිගණක ඉංජිනේරු හෙයා වයිස් මාසල් හසිත හෙට්ටිආරච්චි මහතාගේ සුරතින් සිදුවිය ,

මෙම ව්‍යාපෘතිය පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ ව්‍යාපෘතියක් වශයෙන් සිදු කෙරුණු අතර ඇලන්කෝ ආයතනය ඇතුළු පාර්ශව රැසකගේ මූල්‍යම දායකත්වය සහ ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් මිලියන 02ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය නිමකර විවෘත කිරීම සිදු කෙරින ,

විවෘත කිරීමේ උත්සවය සංස්කෘතික අංග රැසකින් සමන්විතව අති උත්කර්ෂවත් අන්දමින් පාසල් ආරිශිෂ්‍ය සංගමය දෙමාපිය සංගමය ඇතුළු පාසල් තුවා දරුවන් විසින් සංවිධානය කර තිබීමක් දක්නට ලැබිණ ,

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ගණේෂ රාජා , පාසලේ විදුහල්පති පී චන්ද්‍රසේකරන් මහතා , ඇලන්කෝ පදනමේ බෙහෙයුම් කළමනාකාර මදන් කුමාර් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ (නුවරඑළිය) පිදුරුතලාගල කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් චින්තක ජයසුන්දර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ පාසලේ ආචාර්ය මණ්ඩලය දුවා දරුවන් දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *