හෝමූස් හරහා නැවතත් තෙල් නැව් ගමනාගමනය නවතී

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම තවදුරටත් තහනම් කර ඇති බවත්, අවසරයකින් තොරව ගමන් කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් විනාශ කරන බවටත් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් පර්සියානු බොක්කේ සිටින නෞකාවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රමුඛ පෙළේ නැව් තැරැව්කාර සමාගමක් වන SSY ආයතනය විසින් මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම කළාපයේ යාත්‍රා කරන නෞකා වෙත රේඩියෝ පණිවිඩ මගින් මෙම දැනුම්දීම සිදු කර ඇති බව සඳහන් වේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන දැවැන්ත ප්‍රහාර මාලාව හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව් ගමනාගමනය නැවත් මෙලෙස නතර කර ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරානය සහ අමෙරිකාව අතර ඇති කරගත් සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වූයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා තෙල් නැව්වලට ගමන් කිරීමට ඉඩ ලබා දීමය.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අනුබද්ධ Fars පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, අද උදෑසන ඉරානයේ අවසරය ඇතිව තෙල් නැව් දෙකක් ගමන් කළ ද, ඉන් අනතුරුව එම මාර්ගයේ නැව් ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවය.

‍ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ විශාලතම ප්‍රහාරය මෙය ලෙස සැලකෙන අතර, ඒ හේතුවෙන් කලාපීය සාම ගිවිසුම් බිඳ වැටීමේ දැඩි අවදානමක් මතුව තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *