2026දී ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

2026 වසර ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන් 25,083 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවසුවේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, කොළඹ මහනගර සභා බලප්‍රදේශයද ඉහළ අවදානම් කලාපයක් ලෙස පවතින බවයි.

ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බවද ඇය සඳහන් කළාය.

දින 2කට වඩා උණ තත්ත්වය පවතින්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍ය උපදෙස් ලබාගෙන ඩෙංගු පරීක්ෂාවක් සිදුකරගැනීම වැදගත් බව වෛද්‍යවරු අවධාරණය කරති.

වෛද්‍යවරයෙකු හමුවන තෙක් උණ පාලනය සඳහා පැරසිටමෝල් පමණක් භාවිතා කළ යුතු අතර, අනෙකුත් ඖෂධ භාවිතයෙන් වැළකී සිටිය යුතු බවද දැනුම් දී ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *