ගෑස් හා ඉන්ධන සම්පත් ලබාගැනීම අඩාලයි – සජිත් ප්‍රේමදාස

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාව සතු ගෑස් නිධි සහ ඉන්ධන සම්පත් නිසි ලෙස භාවිතයට ගැනීමට නොහැකි වී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (02) මහවැලි කේන්ද්‍රයේ පැවති ආචාර්ය චන්දිමා විජය ගුණවර්ධන මහත්මිය විසින් රචිත ‘එමි ආච්චි – ශ්‍රී ලංකාවේ ආච්චි අම්මා සහ පූර්ව ජීවීන්’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේ, මේ වනවිට රට ආහාර සුරක්ෂිතභාවය, ආර්ථිකය, සමාජීය ස්ථාවරත්වය, දේශපාලන පරිසරය සහ ජන ජීවිත සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක බරපතළ අභියෝගවලට මුහුණ දී සිටින බවයි.

ඔහු සඳහන් කළේ, ජනතාවගේ අවශ්‍යතා මූලික කරගෙන රටේ පවතින සම්පත් කාර්යක්ෂමව යොදාගනිමින් සෑම අතින්ම ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත්වීම වර්තමාන අවශ්‍යතාවක් බවය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ පවතින ගෑස් සහ ඉන්ධන සම්පත් පිළිබඳව නිතර කතාබහට ලක්වන නමුත්, සමගි ජන බලවේගයේ බලශක්ති ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේදී විශේෂඥයින්ගෙන් කළ විමසීමකදී, විවිධ බලපෑම් හේතුවෙන් එම සම්පත් ප්‍රයෝජනයට ගැනීම බාධා වී ඇති බව දැනගැනීමට ලැබුණු බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *