මැයි 01 දිනට යෙදුණු වෙසක් පොහොය නිමිත්තෙන් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරන් රාජ්‍යා විවෘත කෙරේ

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

මැයි මස 01 ඊයේ දිනයට යෙදුන 2570 වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මගින් ඉදිරිපත් කරනු ලබන “සම්බුලා ජාතක කතා වස්තුව” ඇතුළත් වෙසක් මහා තොරන් රාජයා විවෘත කිරීම නුවරඑළිය දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි පල්ලේවල මහතාගේ සහ නුවරඑළිය හිටපු නගරාධිපතිවරුන් වන චන්දන ලාල් කරුණාරත්න සහ මහින්ද දොඩම්පේගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 01 දින ප.ව.06.45ට සිදු කෙරිණ ,

එලෙස විවෘත කෙරුණු ලැබූ දර්ශනීය තොරන් රාජයා එළඹෙන මැයි 05 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති අතර එයට සමගාමීව විශේෂ දන්සල් වැඩසටහන් බැති ගී සරනි ඇතුළු අංග රැසකින් සමන්විත වෙසක් කලාපයක් ද නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඔරුවේ දිරානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මගින් සංවිධානය කර තිබේ ,

දේශපාලනික උවමනා මත වෙසක් පොහොය මාරු කිරීමට කටයුතු කරනු ලැබුවද ස්වභාව ධර්මයාට ඉඩ දෙමින් සැබෑ වෙසක් පොහොය මෙලෙස සැමරීමට කටයුතු කළ බව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් කලාපයේ තොරන් රාජයා විවර කිරීම උත්සවයේ අනුශාසනාව සිදු කරමින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඔරුවේ ඩීරානන්ද ස්වාමීන් වහන්සේ පැවසීය ,

මෙම වෙසක් කලාපයට සමගාමීව නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය විසින් විශේෂ මල් දන්සලක් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි ,

වෙසක් කලාපයේ සමාරම්භක උත්සවයේ තොරන් රාජයා විවෘත කිරීමේ උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *