මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
2023 වසරේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මෙම සංචාරය සිදු කෙරේ.
මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිත අතර, එම කාලය තුළ දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තැබීමට ද සැලසුම් කර තිබේ.
ජනාධිපති මුයිසු මහතාගේ මෙරට සංචාරය හේතුවෙන් අද (03) සිට 06 වැනිදා දක්වා කොළඹ නගරය හා අවට ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර ඇත.



