සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසන සංවිධායකක ධූරයට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු සක්තිමත් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ වැඩ බලන ආසන සංවිධායකවරයා වශයෙන් නුවරඑළිය මහ නගර සභාවට ක්‍රිකට් පිත්ත ලකුණෙන් තරග කර සභිකයන් තිදෙනෙකු මහ නගර සභාවට තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් නායක ආර්.අජිත් කුමාර මහතා පත් කර තිබේ,

මෙම පත්වීම මැයි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සමගි ජන බලවේග පක්ෂ නායක හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගියදා පිරිනමා ඇති අතර එලෙස ආර්.අජිත් කුමාර මහතා වැඩ බලන නුවරඑළිය ආසන සංවිධායකවරයා වශයෙන් පත්කරන අවස්ථාවේදීද නුවරඑළිය ආසනයේ සම සංවිධායකවරුන් දෙපළක් ද කටයුතු කරමින් සිටීම විශේෂ කරුණකි ,

දිනේෂ් ලංකා ගීගනගේ සහ තලවාකැලේ නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල යන අයවලුන් සම ආසන සංවිධායකවරුන් වශයෙන් කටයුතු කරන පසුබිමක වැඩ බලන නව ආසන සංවිධායකවරයා වශයෙන් නුවරඑළිය මහ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් නායක ආර්.අජිත් කුමාර මහතා මෙලෙස පත්කර තිබේ ,

ආසන සංවිධායක ධූරයට පත් ස්වාධීන කණ්ඩායම් නායක ආර්.අජිත් කුමාර මෙයට පෙර පැවති මහ නගර සභා පාලනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වශයෙන් වසර දෙකක කාලයක් කටයුතු කර තිබූ අතර ඉන් අනතුරුව පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාගරික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ක්‍රිකට් පිත්ත ලකුණින් ස්වාධීනව තරග කර පරාජය වීමෙන් අනතුරුව නුවරඑළිය මහ නගර සභාව සඳහා නැවතත් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් ක්‍රිකට් පිත්ත ලකුණින් තරග කර ඔහු සහ තවත් සභිකයන් දෙදෙනෙකු සමග මහ නගර සභාවට තේරී පත්වී නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් වර්තමානයේදී කටයුතු කරනු ලබයි ,

මෙම හදිසි පත් කිරීම පිළිබඳව පක්ෂ මූලස්ථානයෙන් අප සිදු කළ විමසුමකට ඔවුන් කියා සිටියේ සිය පක්ෂයේ ක්‍රියාකාරකම් හා සංවිධාන කටයුතු පවතින තත්ත්වයට වඩා ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙලෙස නව පත්වීමක් සිදුකර ඇති බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *