ස.ජ.බ.මහ ලේකම් රංජිත් මද්ධුමබණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
නුවරඑළියේ ස.ජ.බ මළ ගෙදරට අපි සහභාගි උනා – නුවරඑළිය හිටපු ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීනගනගේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නුවරඑළිය සමගි ජන බලවේගය පරද්දවන්නට කටයුතු කළ ස්වාධීන කණ්ඩායම් නායක අජිත් කුමාරට නුවරඑළිය සමඟ ජන බලවේගයේ ආසන සංවිධායක ධූරය ලබාදීමෙන් පක්ෂය සිදු කර ගත්තේ පක්ෂය විසින්ම පක්ෂයටම කනේ පාරක් ගහගන්න වැඩක් බව සමගි ජන බලවේගයේ නුවරඑළිය හුටපු ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීගනගේ පවසයි .
ඔහු මේ බව කියා සිටියේ තමන්ව සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසන සංවිධායක ධූරයෙන් අත්තනෝමතිකව ඉවත් කර පක්ෂ මූලස්ථානය විසින් නව ආසන සංවිධායකවරයෙකු පත්කිරීමට විරෝධය පාමින් (16) උදෑසන සිය කාර්යාලයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි ,
එම මාධ්‍ය හමුව නුවරඑළිය සමඟ ජන බලවේගයේ හිටපු ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීගනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර එම මාධ්‍ය හමුව සදහා පසුගිය පළාත් පාලන මැතිවරණය සදහා තරග කල නුවරඑළිය මහ නගර සභාවේ සමගි ජන බලවේගය කණ්ඩායම් නායක මහින්ද සිල්වා මහතා සහ ප්‍රාදේශීය සභා කණ්ඩායම් නායක සරත් කුමාර යන මහත්වරුන්ද සහභාගි වී සිටියහ ,
මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් නුවරඑළිය සමගි ජන බලවේගයේ හිටපු ආසන සංවිධායක දිනේෂ් ලංකා ගීගනගේ වැඩිදුර අදහස් දක්වමින් මෙසේද පැවසීය ,
මුලින්ම කියන්න ඕන නව ආසන සංවිධායක ධූරය පත්කිරීම කල්ල තෝනි පත් කිරීමක් ,
සමගි ජන බලවේගය නව ආසන සංවිධායකවරයා වශයෙන් පක්ෂයේ තීරණය මත පසුගියදා ස්වාධීන කණ්ඩායම් නායක අජිත් කුමාර පත්කර තිබුනා ,
ඔහුව පිළිගැනීමේ උත්සවයක් නුවරඑළියේදී සංවිධානය කර තිබුණේ පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නමුත් සමගි ජන බලවේගයේ ආරම්භයේ සිට හිටපු කාටත් මේ උත්සවයට අලුත් සංවිධායකවරයා ආරාධනා කරලා තිබ්බේ නැහැ ,
මඟුල් ගෙදරකට තමයි ආරාධනා කරන්න ඕන මල ගෙවල් වලට ආරාධනා කරන්න අවශ්‍ය නැහැ ,
අජිත් කුමාරට සංවිධායක ධූරය දුන්න කියන්නේ සමගි ජන බලවේගයේ අවසානය තමයි ඒ අවසානයේ තහවුරු කරන මළගෙදරට අපි පණිවිඩය දැනගෙන ගිහින් ආවා ,
අජිත් කුමාර කියන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සජිත්ට බැහැ සමගි ජන බලවේගයට බැහැ ඔවුන්ට ඡන්දෙ දීලා ඡන්දය නාස්ති කරගන්නේ නැතුව ඒ ඡන්දය අපිට දෙන්න කියලා සමගි ජන බලවේගයේ ඡන්ද කඩලා තමන්ගේ ස්වාධීන කණ්ඩායම දිනවපු කෙනෙක් ,
පළාත් පාලන මැතිවරණය ඉවර වෙච්ච දවස්වල ජාතික ජන බලවේගයත් එක්ක නියෝජ්‍ය නගරාධිපතිකම ඉල්ලලා නොයෙකුත් යටි කූට්ටු ඩීල් දාපු කෙනෙක් තමයි ඔහු ,
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය එවන් අපිරිසිදු කණ්ඩායම් එක් කරගන්නේ නැති නිසා ස්වාධීන කණ්ඩායමේ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ,
ඉන් අනතුරුව අනෙකුත් විපක්ෂයේ සියල්ලෝම හා සමගි ජන බලවේගය සමග එකතුවෙලා නගරාධිපති වෙන්නත් සැලසුම් සකස් කරා ඒකත් හරි ගියේ නැහැ ,
සමගි ජන බලවේගය කියල දෙයක් නැති කාලෙදි එය පටන් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයන් රැසක් අපිත් එක්ක එකතු කරගෙන අපි පක්ෂේ සංවිධානය කළා ,
විශේෂයෙන්ම නුවරඑළිය මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨතම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන මහින්ද සිල්වා මහතා ප්‍රාදේශීය සභා ජේෂ්ඨතම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා වූ සරත් කුමාර මහතා අපිත් එක්ක එකතු වුණ නිසා ඔවුන්ට එක්සත් ජාතික පක්ෂය නඩු පවා දාලා තිබ්බා ,
ඔවුන්ගේ මන්ත්‍රී ධූරයන්ද ඔවුන්ගෙන් ඉවත් කරන්න කටයුතු කරා ,
ඒ කිසි දෙයක් මායිම් නොකොට තමයි අපිත් එක්ක එකතු වෙලා සමගි ජන බලවේගය කියන පක්ෂය වටා මහා දැවන්ත ජන ගඟක් නුවරඑළියෙ එකතු කරේ ,
එදා ඉඳන් පක්ෂය වෙනුවෙන් අපි ලොකු කැපකිරීම් ගොඩක් කරලා තියෙනවා අපේ දේපළ පවා විකුණලා පක්ෂය වෙනුවෙන් වියදම් කරලා තියෙනවා ,
අරගල කරලා තියෙනවා ඕනෑම පක්ෂ රැලියකට බස් වලින් සෙනඟ එක්කන් ගිහිල්ලා තියෙනවා ,
ඒ වගේ කැපකිරීම් කරලා දුක් මහන්සියෙන් පක්ෂය හදපු අපිව කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කරලා කොහෙන්දෝ ආපු කල්ලතෝනියෙක්ව පක්ෂ විනාශ කරන්න කටයුතු කරපු එකෙක්ව ආසන සංවිධායක කිරීමට කටයුතු කළ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ ගැන නැවතත් කල්පනා කළ යුතුයි ,
මේ අලුත් සංවිධායකවරයා පත්කරන්න මාස තුනකට කලින් මටත් සංවිධායකවරයා වශයෙන් පත්වීම් ලිපිය ලබා දීලා තියෙන්නේ 2025/26 වසර වලට අදාළ වෙන්න ,
මට මේ වෙච්ච දේ නුවරඑළියේ ඉන්න අනිත් සංවිධායක වරුන්ටත් වෙන්න ඉඩ තියෙනවා ,
නුවරඑළිය වලපනේ සංවිධායක හිරන්නා හේරත් මහත්මිය නුවරඑළිය හගුරන්කෙත සංවිධායක ජයලත් බණ්ඩාර දිසානායක මහතා මස්කෙළිය සංවිධායක කපිල නාකද්දල මහතා යන යන අයත් මේකෙන් පරිස්සම් වෙන්න ඕන හා ඒ අයටත් ලංකාවේ ඉන්න අනෙකුත් සමගි ජන බලවේගයේ පරණ හා පක්ෂය හදපු සංවිධායකවරුන්ගෙනුත් මම ඉල්ලන්නේ මට වෙච්ච අසාධාරණයට ඔබ ඉදිරිපත් වෙලා සාධාරණයක් ඉටු කරන්න මට ශක්තිය ලබා දෙන්න කියලයි ,
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ නුවරඑළිය ආසනයේ ප්‍රාදේශීය සභා කණ්ඩායම්නායක සරත් කුමාර මහතා අදහස් දක්වමින් කියා මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලබා දීමට පක්ෂ මූලස්ථානය කටයුතු නොකරන්නේ නම් තමන්ගේ පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ක ඉදිරි දේශපාලන ගමන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට තමන්ට සිදුවන බවයි ,
මෙතෙක් කල් සමගි ජන බලවේගය වෙනුවෙන් කළ කැපවීම් සියල්ල අමතක කර පක්ෂය අත්තනෝමතික තීන්දු තීරණ ගන්නවා නම් නුවරඑළියෙන් සමගි ජනන බලවේගය කියන නමක් නැත්තටම නැතිවෙන තරමට කටයුතු කරන්න තමන් ඇතුළු පාක්ෂිකයන් සූදානම් බවත් ඔහු පැවසීය.

