ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක විශාල ගින්නක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක අද (03) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඇති වූ තත්ත්වයෙන් සේවිකාවන් 22 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, ඇඹිලිපිටිය නෝනාගම සුදුපාලම අසල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි කර්මාන්ත ශාලාවක ගබඩාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ සහ විෂ දුම ආඝ්‍රාණය වූ අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් මෙලෙස ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සෙවනගල ගිනි නිවන ඒකක විසින් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත වර්තා වෙයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *