ගන්ජා හේන් 2ක් වටලා අයෙක් අත්අඩංගුවට.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ඉකුත්දා (12) වන දින කතරගම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා එක්ව හම්බන්තොට බලහරුව තණමල්විල ප්‍රදේශයන්හි සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී අක්කර 2 ½ක පමණ වගාකර තිබූ ගන්ජා ගස් 19,800ක් සහ මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශය සමඟ හම්බෙගමුව උනකන්ද අලිවල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර කාලක පමණ වගා කර තිබූ ගංජා පැළ 23,250 ක් හා ගංජා හේනක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන හම්බෙගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
සොයා ගන්නා ලද ගංජා පැළ එම ස්ථානයන් හීදීම ගිනි තබා විනාශ කර ඇති අතර හම්බෙගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය පවත්වයි.


