පාර හදලා දෙන්නම් කියා බොරු ඡන්ද පොරොන්දු දුන් අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිට සමච්චල් කරමින් ගමට ආරාධනා කළ රාගල උඩපුස්සැල්ලාව හොල්ඩිමාර් ජනතාව .
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන රාගල උඩ පුස්සැල්ලාව හොල්ඩිමාර් වතුයායේ ප්‍රධාන පිවිසුම් මාර්ගය දැඩිලෙස අබලං වී ඇති බවත් ඒ අරහා මහජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වන බව ප්‍රදේශවාසීන් චෝදනා කරති ,
ප්‍රදේශවාසින් මේ බව කියා සිටියේ සිය ග්‍රාමීය මාර්ගය ප්‍රතිසංස්කරණය කරගැනීමේ අවශ්‍යතාවය මාධ්‍යය වෙත අනාවරණය කරමිණි ,
වැඩිදුර අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් ,
මේ මාර්ගයේ ගැටලුව අවුරුදු ගානක් පවතිනවා අපි මීට කලින් පවත්වපු හැම මැතිවරණයකටම ඡන්දෙ දුන්නේ එක්සත් ජාතික පක්ෂයට ,
මේ මාර්ගය හදලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඡන්ද ඉල්ලපු නිසයි අපි මේ වතාවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රබක මාලිමාවෙන් ඡන්දේ ඉල්ලපු වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාට චන්දෙ දුන්න ,
ඔහු අපේ ඡන්දෙ ලබාගන්න අපිට දුන්න එකම පොරොන්දුව මේ පාර හදල දෙනවා කියපු එක ,
ඡන්දේ ඉවර උනාට පස්සේ රැස්වීමකට මිනිස්සුන්ට පාරට එන්න කිව්වා එයාට එන්න බැහැයි කියලා පාර කැඩිලා නිසා ,
ඒ රැස්වීම් වලට ගියපු අයත් ඇති අපි නම් ගියේ නැහැ ,
අපි ඉතින් එයාට කියන්නේ අපේ ගමට එන්න කියලා එතුමා මැතිවරණයට දුන් පොරොන්දු හැටියට හදපු පාරේ එන්න එයාට පුළුවන් වෙන්න ඕනනේ ,
අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා එතුමා ගමට එනකං ,
අපි වත්මන් රජයෙන් ඉල්ලන්නේ මේ වගේ මැතිවරණට දුන් පොරොන්දු හරි විදිහට ඉෂ්ට කරන්න කියලා නැත්නම් කලින් රජයවල් මිනිස්සුන්ට එපා උනා වගේ මේ රජයත් එපා වෙලා යයි බොරු කියන රජයක් හැටියට ,
වගකිවයුතු බලධාරීන්ගේ අවධානය යොමු කරලා පාසල් දරුවන් රෝකීන් හා ගැබිණි මව්වරුන් සිය ගමන් බිමන් යන්න බැරුව දැඩි ලෙස අපහසුතාවයට පත්වෙලා තියෙන මෙම මාර්ගය කඩිනමින් සකස් කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ,
මෙම ගැටලුව පිළිබඳ වලපනේ ප්‍රාදේශීය සභාවේ වගකිවයුතු පුද්ගලයකුගෙන් අප සිදු කළ විමසීමකට ඔහු කියා සිටියේ එම මාර්ගය වතු වාසිත මාර්ගයක් වන බැවින් එම මාර්ග සංවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මේ දිනවල සාකච්ඡාවට භාජනය වන බවයි .



