දැරණියගල සිද්ධියේ දී පොලිස් රාජකාරියට බාධාකිරීම කළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

දැරණියගල හම්බානවෙල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව ලැබී ඇති පෙත්සමක් අනුව අවිස්සාවේල්ප කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් 2026.06.19 වන දින උදෑසන උපාය දූතයින් ලෙස සිවිල් ඇදුමින් සැරසී එම ප්‍රදේශයේ වැටලීමක් සිදුකර ඇත.

එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් දැරූ ප්‍රයත්නය අතරතුර සැකකරුවන් කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් නිලධාරීන් හා ගැටී ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට සහ දැරණියගල රෝහලට ඇතුලත් කර ඇත.

රාජකාරියට බාධාකිරීම සම්බන්ධව මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු දැරණියගල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරී III නිලධාරීවරයා යටතේ ස්වාධීන විමර්ශනයක් ආරම්භකර ඇති අතර මෙම සිදුවීම බාධාවක් ලෙස නොගෙන එම ප්‍රදේශයේ ඉදිරියටත් අඛන්ඩව වැටලීම් සිදුකිරීමට නියමිතය.

දැරණියගල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *