රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 214,333 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කරයි.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ මෙම මෙහෙයුම යටතේ ඊයේ (25) දක්වා දිවයින පුරා වැටලීම් 215,526ක් සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් 3,112 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන අතර, 360 දෙනෙකුගේ නීතිවිරෝධී වත්කම් පිළිබඳ විමර්ශනද ආරම්භ කර ඇත.
එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 2,188 දෙනෙකු පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, කුෂ් සහ හෂිෂ් ඇතුළු විශාල මත්ද්‍රව්‍ය තොග පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 1,963යි ග්‍රෑම් 863ක්, අයිස් කිලෝග්‍රෑම් 2,119යි ග්‍රෑම් 629ක්, කොකේන් කිලෝග්‍රෑම් 288යි ග්‍රෑම් 864ක්, ගංජා කිලෝග්‍රෑම් 5,817යි ග්‍රෑම් 714ක් සහ ගංජා පැළ 12,899,201ක් සොයාගෙන තිබේ.
මීට අමතරව, කුෂ් කිලෝග්‍රෑම් 479යි ග්‍රෑම් 246ක් සහ හෂිෂ් කිලෝග්‍රෑම් 312යි ග්‍රෑම් 291ක් ද මෙහෙයුම් අතරතුර පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

