දියවන්නා වට වැටුණු කත නාවික හමුදාවෙන් මුදා ගනී.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සදුන් උයන ප්‍රදේශයේ දී ඉකුත්දා දියවන්නා ඔයට ඇද වැටුණු කාන්තාවක් නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් සමත් වූ අතර පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා ඇය  කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි.

දියවන්නා ඔයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා  බලගණයට අයත් ජීවිතාරක්ෂක කණ්ඩායම විසින් කිඹුලාවලට ආසන්න සදුන් උයන ප්‍රදේශයේ යමෙකු ඔයට වැටෙනු නිරීක්ෂණය කර ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වී කඩිනමින් නිරුපද්‍රිතව එම කාන්තාව බේරා ගැනීමට ක්‍රියාකර ඇත. මැය අවුරුදු 59 ක් පමණ වන නුගේගොඩ ප්‍රදේශයේ කාන්තාවකි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *