22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹෙයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය අද (සැප්තැම්බර් 02) දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ කර තිබේ.
පෙත්සම් විභාගය අද දිනය දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01) නියම කරන ලදී.
ඒ අනුව, පෙත්සම්කාර පාර්ශවයේ දේශන ඊයේ රාත්‍රී 10.30ට පමණ අවසන් වූ අතර, වැඩිදුර දේශන අද සිදු කෙරෙනු ඇති.
එහිදී අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතිපතිවරයා අද දිනයේදී කරුණු දැක්වීමට නියමිත ය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාග කිරීම සිදුවේ.
22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට පෙත්සම්කාර පාර්ශව ඊයේ කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරන ලදී.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සඳහන් කළේ, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි.

