සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළ සංචාරකයින් 107,093ක් මෙරටට ඇවිත්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

සැප්තැම්බර් මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 107,093ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නිකුත් කළ නවතම දත්ත අනුව, එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 32,536ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 30%ක් වේ.

එමෙන්ම, එක්සත් රාජධානියෙන් 7,906ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,393ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

තවද, 2026 ජනවාරි 01 සිට සැප්තැම්බර් 20 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,642,215ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අතරින් ඉන්දියාවෙන් 418,019ක් සහ එක්සත් රාජධානියෙන් 157,895ක් සංචාරකයින් පැමිණ ඇති බවද එම අධිකාරිය සඳහන් කළේය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *