විශ්වවිද්‍යාල 50ක් පිළිබඳ ප්‍රකාශය සහ පාසල් වසා දැමීම සම්බන්ධයෙන්

www.bbcmirror.lk

www.Lankawebnews.com

විශ්වවිද්‍යාල 50ක් ඉදිකිරීමට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම යනු ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොවන බවත්, ඒ සඳහා විශාල සැලසුම් සහ පහසුකම් අවශ්‍ය බවත් විවේචකයෝ පෙන්වා දෙති.

මැතිවරණයට පෙර කිලෝමීටර් තුනෙන් තුනට පහසුකම් සහිත පාසල් ඇති කරන බවට ප්‍රකාශ කර තිබියදී, පාසල් 1,800කට අධික සංඛ්‍යාවක් වසා දැමීමේ තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන්ද ඔවුහු ප්‍රශ්න කරති.

එමෙන්ම නව අධිවේගී මාර්ග ඉදිකිරීම පිළිබඳ ප්‍රකාශ සම්බන්ධයෙන්ද විවේචනයක් එල්ල කරමින්, පසුගිය කාලයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්වයන් ඉදිරිපත් කළ විවේචන හා විරෝධතා පිළිබඳවද අවධානය යොමු කර ඇත.

වර්තමාන ආණ්ඩුව යටතේ නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පැහැදිලි සැලැස්මක් නොමැති බවටද චෝදනා කරමින්, ආණ්ඩුවේ පාලන කාර්යසාධනය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතුව ඇති බව එම පාර්ශ්වය සඳහන් කරයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *