ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේරන් පදක්කමක් දිනූ ගුවන් හමුදාවේ දුලිත්ට උසස්වීමක්.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
පසුගිය සැප්තැම්බර් මස 07 වන දින සිට 11 දින දක්වා කිරිගිස්තානයේ 13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) හැක් ලිෆ්ට් ( Hack Lift ) ඉසව්වේ කිලෝ ග්‍රෑම් 95 න් පහළ බර පංතිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනා ගැනීමෙන් මෙරටට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගෙන ආ අති මහත් කීර්තිය හා එම ක්‍රීඩකයාගේ ක්‍රීඩා කෞෂල්‍ය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බංදු එදිරිසිංහ මහතා විසින් දුලිත් දසනායක කෝප්‍රල් නිලයේ සිට සැරයන් තනතුරට විශේෂ උසස්වීමක් ලබා දීමට පියවර ගෙන ඇත.
මෙයට අමතරව එම නිලධාරියා වෙත විශේෂ මූල්‍ය තිළිණියක් ලබාදීමටද පියවර ගත් අතර මේ සදහා උපහාර දැක්වීමේ හා ඇගයීම් උත්සවයක් ද ඊයේ (01) දින ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

