ළමා දිනය වෙනුවෙන් මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයෙන් දරු දැරියන්ට පොත් ප්‍රදානයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මහනුවර, කටුගස්තොට | ඔක්තෝබර් 01, 2026

ලෝක ළමා දිනයට සමගාමීව මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය (Human Rights Protection Organization – HRPO) විසින් දරු දැරියන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා පොත්පත් ප්‍රදානය කිරීමේ විශේෂ සමාජ සත්කාර වැඩසටහනක් අද පස්වරුවේ පැවැත්විණි.

මෙම පොත් ප්‍රදාන වැඩසටහන මහනුවර, කටුගස්තොට පිහිටි මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිය ශක්තිමත් කිරීම සහ ඔවුන්ගේ අනාගත අධ්‍යාපනික ගමනට සහායක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය එම්. එම්. සෆාන් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර, සංවිධානයේ අධ්‍යක්ෂ රෝහිත විජේතිලක මහතා, නියෝජ්‍ය අධ්‍යකෂකාවන් වන මාරී ප්‍රියදර්ශනී ලක්දාස මහත්මිය සහ නිරොෂි හේමමාලි විජේතිලක මහත්මිය ඇතුළු ප්‍රධානත්වයෙන් දරු දැරියන් වෙත පොත්පත් ප්‍රදානය සිදු කෙරිණි.

ළමා දිනය වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම සඳහා සංවිධානය විසින් මෙම සමාජ සත්කාර වැඩසටහන සංවිධානය කර තිබූ අතර, දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපැවැත්ම වෙනුවෙන් ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය අපේක්ෂා කරයි.

“සෑම දරුවෙකුටම අධ්‍යාපනයට සමාන අවස්ථාවක්” යන අරමුණ පෙරදැරි කරගනිමින් සිදුකළ මෙම වැඩසටහන, ළමා දිනය අර්ථවත් කරමින් දරු දැරියන්ගේ අනාගතයට වටිනා දායකත්වයක් ලබාදුන් සමාජ සත්කාරයක් ලෙස සැලකිය හැකිය.

මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය (HRPO)

දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් – යහපත් අනාගතයක් වෙනුවෙන්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *