ලක් පොළොවේ ගොවි බිමට පායන අරුණැල්ල ASDA වාර්ෂික සමුළුව

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

1999 වසරේ ආරම්භ වූ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ නවතාක්ෂණික සොයාගැනීම් සහ ප්‍රතිපත්තිමය කරුණු සාකච්ඡා කරන ප්‍රධාන වාර්ෂික සමුළුව  Annual Symposium of the Department of Agriculture ( ASDA ) අද (30) දින පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

මෙම වාර්ෂික සම්මේලනය Agripreneurship, Through Smart Agriculture- සුහුරු කෘෂිකර්මාන්තය තුලින් කෘෂි ව්‍යවසායකත්වයට යන තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබුණි.කෘෂිකර්මාන්තයට අදාල විද්‍යාත්මක පර්යේෂණ හා නව දැනුම ප්‍රචලිත කිරීම සහ එම දැනුම ප්‍රායෝගික කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා මෙම ASDA වේදිකාවේ අරමුණයි.

විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශ, රාජ්‍ය නොවන සංවිධාන, ගොවි සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු වල විද්‍යාඥයන්ට තම පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග දැනුම හුවමාරු කර ගැනීමටත් ASDA හරහා අවස්ථාව උදාවෙයි.

එමගින් නව කෘෂිකාර්මික පර්යේෂණ හා සොයාගැනීම් ඉදිරිපත් කිරීමත්, කෘෂි විද්‍යාඥයන් සහ වෘත්තිකයන් අතර දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමත්, කෘෂිකාර්මික ගැටලු සඳහා විද්‍යාත්මක විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව උදාකර ගැනීමත්, නව කෘෂි තාක්ෂණයන් පිළිබඳ අවධානය යොමු කිරීමත් සහ ජාතික ආහාර සුරක්ෂිතතාවයට දායක වන පර්යේෂණ හා ක්‍රියාමාර්ග හඳුනා ගැනීම ටත් හැකිවීම මෙහි විශේෂත්වයකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල ASDA වෙබ් අඩවිය නිල වශයෙන් එළිදෙක්වන ලදී. තවද පර්යේෂකයන්, ගොවීන් ඇතුළු එම ක්ෂේත්‍රයේ දක්ෂයන් ඇගැයීමට ලක් කරමින් සම්මාන හා සහතික පත්‍ර ප්‍රධානය කෙරුණි. මෙය ASDA 28 වන සම්මේලනය වන අතර 2026.09.29 හා 30 දෙදින පුරා ගන්නෝරුව. පැළෑටි ජාන සම්පත් ම�

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *