සියක් වැඩිහිටියන් නමඳමින් මස්කෙලියෙන් සමාජ සත්කාරයක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
ජාත්‍යන්තර ළමා හා වැඩිහිටි දිනයට සමගාමීව, ජීවිතය පුරා සමාජයට කළ මෙහෙවර අගයමින් වැඩිහිටි මව්පියවරුන් සියදෙනෙකුට උපහාර දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් කුඩා මස්කෙලිය ග්‍රාම සංවර්ධන සමිතිය විසින් කුඩා මස්කෙලිය බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කර තිබිණි.
සර්ව ආගමික වතාවත් හා ධර්ම දේශනයකින් ආරම්භ වූ වැඩසටහනේදී වැඩිහිටියන් සියදෙනා එක්ව ස්වාමීන් වහන්සේ වෙත අටපිරිකර ඇතුළු පිරිකර පූජාවක්ද සිදු කළහ.
වැඩසටහනට එක්වූ ජ්‍යෙෂ්ඨතම කාන්තාව වූයේ 99 හැවිරිදි මාතාවකි. අතීතයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි දෙස් විදෙස් සංචාරකයන්ට මගපෙන්වන්නියක ලෙස සේවය කළ ඇයගේ සහභාගිත්වය එම අවස්ථාවට එක් කළේ විශේෂ සංවේදීත්වයකි.
අනතුරුව පැවැති සුහද හමුවේදී වැඩිහිටියෝ සිය යොවුන් වියේ මතකයන් බෙදාගත් අතර, ගීත හා නර්තන අංග ඉදිරිපත් කරමින් තම කලා හැකියාවන්ද ප්‍රදර්ශනය කළහ. දිනුම් ඇදීමක් මගින් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද සිදු විය.
නෝර්වුඩ් සහකාර ප්‍රාදේශීය ලේකම් ජී. ජී. ආර්. සඳමාලී මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වැඩිහිටියන්ට අවශ්‍ය වන්නේ ත්‍යාග පමණක් නොව, තම ජීවිතය සහ මෙහෙවර අගය කරන සමාජයක උණුසුම බව පෙන්වා දුන් මෙම වැඩසටහන, ඔවුන්ගේ හදවත් තුළ සතුටක් මෙන්ම සොඳුරු මතකයක්ද ඉතිරි කළ මානුෂීය සත්කාරයක් විය.



