මෙන්න මේ ලෙඩ තියෙනවා නම්, බෙහෙත් ගන්න සල්ලි නැත්නම්, ජනාධිපති අරමුදලින් සල්ලි ඉල්ලගන්න

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

‘ජනාධිපති අරමුදල දැන් ජනතාවගේ අරමුදලයි’ යන තේමාව යටතේ, හදිසි සහ බරපතළ රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන ජනතාව වෙනුවෙන් විශේෂ වෛද්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙළක් පුළුල් කර ඇත.

ඒ අනුව හෘද සැත්කම්, මොළය ආශ්‍රිත සැත්කම්, වකුගඩු බද්ධ කිරීම, ඇට මිදුළු බද්ධ කිරීම, රුධිර කාන්දුකරණය සහ අක්මාව බද්ධ කිරීම ඇතුළු අත්‍යවශ්‍ය ප්‍රතිකාර රැසක් සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍ය ආධාර හිමිවේ.

මීට අමතරව අංගවිකල රෝපණය, ශ්‍රව්‍ය උපකරණ, පිළිකා ප්‍රතිකාර, කර්ණශංඛ බද්ධ කිරීම, කොඳුඇට පෙළ ආශ්‍රිත සැත්කම් සහ කෘත්‍රිම අත්, පාද ලබාදීම සඳහාද මෙම ආධාර හිමිකම පවතී.

මෙම ප්‍රතිකාර හා වෛද්‍යාධාර ලබාගැනීමට අපේක්ෂා කරන රෝගීන්ට හෝ ඔවුන්ගේ භාරකරුවන්ට අවශ්‍ය අයැදුම්පත් දැන් තමන්ට ළඟම ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉතා පහසුවෙන් භාරදීමේ හැකියාව ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *