ජලාශ අටක් වාන් දමයි – ප්‍රධාන ජලාශ හයකින් ජලය මුදාහැරේ
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
ජලාශ අටක් වාන් දමයි යන තත්ත්වය මේ වනවිට වාර්තා වී ඇති අතර, ප්‍රධාන ජලාශ හයක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ දෙකක් මෙලෙස වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ජලාශවල වර්තමාන ජල මට්ටම් සම්බන්ධයෙන් නිකුත් කළ දත්ත වාර්තාවක මේ බව සඳහන් කර තිබේ.
වාන් දමන ප්‍රධාන ජලාශ ලෙස අඹේවෙල, කන්දේ ඇළ, යාන් ඔය, රාජංගනය, දැදුරු ඔය සහ වාන් ඇළ යන ජලාශ හඳුනාගෙන ඇත.
රාජංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබේ. ඒ අනුව අඩි පහ බැගින් වාන් දොරටු දෙකක්ද, අඩි හතර බැගින් තවත් වාන් දොරටු දෙකක්ද, අඩි දෙක බැගින් වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇත.
එම ජලාශයෙන් කලා ඔයට තත්පරයට ඝන අඩි 5,365ක ජල ප්‍රමාණයක් මුදාහරින බව වාර්තාවේ දැක්වේ

