ජනපති සමඟ පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් මල්වතු මහාවිහාර පාර්ශ්වය විසින් සිදු කර තිබේ.

බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරු මතු කළ කරුණු සාධාරණ බව පිළිගත් ජනාධිපතිතුමා, පවතින නීතිමය රාමුව තුළ වසර 03කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් සිවුරු පිටින් බාහිරට ගෙන යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය බලයක් නැති බව මෙහිදි පෙන්වා දුන් බව අදාළ ලිපියේ සඳහන්ය.

ඒ අනුව, වසර 03කට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය වෙත දැනුම් දී, එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට මහා සංඝරත්නය මෙහිදී යෝජනා කර තිබේ.

එම යෝජනාවට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන්බව එම ලිපියේ සදහන්ය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *