පාස්කු ප්‍රහාර විමර්ශනවලදී අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක
www.bbcmirror.lk
www.Lankawebnews.lk
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනුව, ඔක්තෝබර් 09 වැනිදා ගොනු කර ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමට අදාළ නීතිමය සහනයක් ලබා දෙන ලෙසයි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
අභියාචනාධිකරණ තීරණයට එරෙහිව අභියාචනයක්
හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බවයි.
කෙසේ වෙතත්, අදාළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය එය විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් නොකරම ප්‍රතික්ෂේප කර තිබේ.
එම තීරණය නීතියට පටහැනි බවට පෙත්සම්කරු සිය අභියාචනයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති සහනය
අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීරණය ඉවත් කරන ලෙසත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම වැළැක්වීමට අදාළ නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

