අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව පොලීසිය පවසයි.
ඒ, පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින් ඒ මහතා අධිකරණ නියෝගය විවේචනයට ලක් කරමින් සිදුකරනු ලැබු ප්‍රකාශයට අදාළවය.
එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ අංක 01හි නඩු අංක 73294/01/2026 යටතේ ඉදිරිපත් කරන ලද 04 වන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 2026.09.04 වන දින කරන ලද අධිකරණ නියෝගය ඔහු විවේචනයට ලක් කළ බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමට අදාළව විමර්ශනයක් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත නියම කිරීමකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලදී.
එහිදී ප්‍රකාශය විකාශනය කරන ලද ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකා 07ක් සඳහා එම සම්පුර්ණ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට ද නියෝග කෙරුණි.
ඒ අනුව සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ඇතුළත් වීඩියෝ තැටි ලබා ගෙන ඇත.
තවද එම රැලිය සංවිධානය කරන ලද පුද්ගලයන්ගෙන් හා නිවේදකයන්ගේ, මාධ්‍යවේදින්ගෙන්, ආරක්ෂාව සඳහා යොදවන ලද පොලිස් නිලධාරින්ගෙන්, ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශවාසීන්ගෙන්, ශබ්ද විකාශන යන්ත්‍ර සපයන ලද පුද්ගලයාගෙන් හා මෙම නඩුකරයට අදාළ සියලු සාක්ෂි සටහන් කරමින් දීර්ඝ විමර්ශනයක් සිදු කර ඇති බව සඳහන්ය.
එම විමර්ශන සටහන් ඇතුළත් උධෘත ගොනු හා එම ප්‍රකාශය සහිත වීඩියෝ දර්ශන ඇතුලත් DVD තැටි කොළඹ අංක 02 අධිකරණයට සාක්ෂි සම්පින්ඩණයක් සහිත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව 2024 අංක 08 දරණ අධිකරණ, විනිශ්ච අධිකරණයට හෝ ආයතනයට අපහස කිරිමේ පනතේ ප්‍රතිපාදන අනුව විමල් විරවංශ මහතාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය ඉදිරි නීතිමය නෛතික පියවර ගැනීම සඳහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදීම සිදු කරන ලදී.

