For the First Time in Sri Lanka, a Supermarket Brand Introduces Full Cream Milk Powder Made with New Zealand Milk
www.bbcmirror.lk
www.Lankawebnews.lk
S.k. Samaranayaka
SrILankan supermarket sector, SPAR Sri Lanka has introduced SPAR Full Cream Milk Powder, bringing New Zealand milk powder to consumers under a trusted SPAR supermarket brand at an affordable price.
The new product represents another milestone in SPAR Sri Lanka’s journey to provide customers with quality, choice and value, while making internationally sourced products more accessible to Sri Lankan families.
“Our objective has always been to give Sri Lankan consumers better quality, better choice and better value. With the launch of SPAR Full Cream Milk Powder, we are taking another step towards that promise by bringing New Zealand milk powder under the trusted SPAR brand at a price that is accessible to more families,” said Kumar de Silva CEO SPAR Sri Lanka.
As a global supermarket brand with a strong local presence, SPAR continues to bring international standards and global sourcing opportunities closer to Sri Lankan consumers. The introduction of its own Full Cream Milk Powder further strengthens SPAR’s commitment to developing products that respond to the changing needs of today’s shoppers.
This launch is more than introducing another product to our shelves. It is about strengthening the SPAR ecosystem, connecting global quality trusted suppliers our retail network and most importantly our customers by bringing New Zealand, milk powder under the trusted SPAR brand. Daham Gunasena – Director Commercial
The new SPAR Full Cream Milk Powder will be available at SPAR outlets and SPAR SaveMor outlets across Sri Lanka
Mihiri Menaka, Director of Peak Agro, presents the first microgreens product to Mr.Kumar de Silva, CEO of SPAR Sri Lanka, in the presence of Mr.Daham Gunasena, Director Commercial of SPAR Sri Lanka; Mr.A. S. M. Rohan, Head of SL GAP Certification; and Dr. Ranjith Fernando, Scientist at Horticulture Research and Development Institute at Department of Agriculture.
රී ලංකාවේ ප්‍රථම වරට සුපිරි වෙළෙඳසැල් සන්නාමයක් යටතේ නවසීලන්ත කිරිවලින් නිෂ්පාදිත පූර්ණ ක්‍රීම් කිරිපිටි හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්රයේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, SPAR ශ්‍රී ලංකා සමාගම නවසීලන්ත කිරිවලින් නිෂ්පාදිත SPAR Full Cream Milk Powder නමැති පූර්ණ ක්‍රීම් කිරිපිටි නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
විශ්වාසදායක SPAR සන්නාමය යටතේ නවසීලන්ත කිරිපිටි නිෂ්පාදනයක් දැරිය හැකි මිලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත ලබාදීම මෙම හඳුන්වාදීමේ විශේෂත්වයයි.
මෙම නව නිෂ්පාදනය හරහා පාරිභෝගිකයන්ට ගුණාත්මකභාවය, වැඩි තේරීමක් සහ මුදලට සරිලන වටිනාකමක් ලබාදීමේ SPAR ශ්‍රී ලංකා සමාගමේ අරමුණ තවදුරටත් ශක්තිමත් වේ. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ලබාගන්නා නිෂ්පාදන ශ්‍රී ලාංකික පවුල් වෙත වඩාත් පහසුවෙන් ලබාගත හැකි කිරීම ද මෙහි අරමුණකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SPAR ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් හොඳ ගුණාත්මකභාවයක්, වැඩි තේරීමක් සහ වඩාත් සාධාරණ මිලකට භාණ්ඩ ලබාදීම සමාගමේ අරමුණ බවයි.
SPAR සන්නාමය යටතේ නවසීලන්ත කිරිපිටි හඳුන්වාදීම තුළින් එම පොරොන්දුව ඉටු කිරීම සඳහා තවත් පියවරක් ඉදිරියට තබා ඇති බවත්, වැඩි පවුල් සංඛ්‍යාවකට මෙම නිෂ්පාදනය මිලදී ගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂාව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ජාත්‍යන්තර සුපිරි වෙළෙඳසැල් සන්නාමයක් වන SPAR, දේශීය වෙළෙඳපොළ තුළ ශක්තිමත් පැවැත්මක් පවත්වාගෙන යමින් ජාත්‍යන්තර ප්රමිතීන් සහ ගෝලීය සැපයුම් අවස්ථා ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට කටයුතු කරයි. තමන්ගේම සන්නාමය යටතේ පූර්ණ ක්‍රීම් කිරිපිටි නිෂ්පාදනයක් හඳුන්වාදීම, වර්තමාන පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන නිෂ්පාදන සංවර්ධනය කිරීමට සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි.
SPAR ශ්‍රී ලංකා සමාගමේ වාණිජ අධ්යක්ෂ දහම් ගුණසේන මහතා සඳහන් කළේ, මෙම හඳුන්වාදීම තවත් නිෂ්පාදනයක් වෙළෙඳ රාක්කවලට එක් කිරීමකට පමණක් සීමා නොවන බවයි.
විශ්වාසදායක සැපයුම්කරුවන්, ජාත්‍යන්තර ගුණාත්මකභාවය, සමාගමේ සිල්ලර වෙළෙඳ ජාලය සහ පාරිභෝගිකයන් එකිනෙක සම්බන්ධ කරමින් SPAR වෙළෙඳ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙම වැඩපිළිවෙළේ අරමුණක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
නව SPAR Full Cream Milk Powder නිෂ්පාදනය දිවයින පුරා පිහිටි SPAR සහ SPAR SaveMor අලෙවිසැල්වලින් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.
ඡායාරූප විස්තරය: පීක් ඇග්‍රෝ සමාගමේ අධ්යක්ෂ මිහිරි මෙනකා මහත්මිය විසින් එම සමාගමේ පළමු මයික්රොග්රීන්ස් (Microgreens) නිෂ්පාදනය SPAR ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කුමාර් ද සිල්වා මහතා වෙත පිළිගන්වනු ලබන අවස්ථාව. එම අවස්ථාවට SPAR ශ්‍රී ලංකා සමාගමේ වාණිජ අධ්යක්ෂ දහම් ගුණසේන මහතා, SL GAP සහතිකකරණ අංශයේ ප්‍රධානී A. S. M. රොහාන් මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන විද්‍යා පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විද්‍යාඥ ආචාර්ය රංජිත් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.


