ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2025 – වසරේ හොඳම තීරු ලිපියට හිමි සම්මානය ෂර්ලි අනින්ද සිල්වා මහතාට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන – 2025 උළෙල ඊයේ (11) කොළඹ Cinnamon Grand හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

එහිදී වසරේ හොඳම තීරු ලිපිය හෙවත් කොලම වෙනුවෙන් පිරිනැමෙන “බී. ඒ. සිරිවර්ධන විශිෂ්ටතා සම්මානය” දිනා ගැනීමට මාධ්‍යවේදී ෂර්ලි අනින්ද සිල්වා මහතා සමත්විය.

ඒ මහතා විසින් ලංකාදීප පුවත්පතට රචනා කරන ලද “රයි සහ ගම්” තීරු ලිපිය වෙනුවෙන් මෙම සම්මානය හිමිවීම විශේෂත්වයකි.

තවද, විවිධ පුවත්පත්වල පළ වූ තීරු ලිපි නිර්මාණ වෙනුවෙන් අවස්ථා හයක් මෙම විශිෂ්ටතා සම්මානය දිනා ගැනීමට ඒ මහතා සමත්වීම ඔහුගේ මාධ්‍ය දිවියේ සුවිශේෂී ජයග්‍රහණයකි.

“ඉරුදින” පුවත්පතේ “බොස් බෝනා”, පැරණි “මව්බිම” පුවත්පතේ “ඇස්කොට්”, “රිවිර” පුවත්පතේ “කූඩැල්ලා” සහ “මව්බිම” පුවත්පතේ “පොං පිං” යන තීරු ලිපි ද ඒ මහතාගේ නිර්මාණ අතර වේ.

තම මාධ්‍ය දිවියේ මෙම සාර්ථක ගමන්මඟට අවස්ථාව ලබාදුන් ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන තුෂාර ගුණරත්න, උපාලි තෙන්නකෝන්, සිසිර පරණතන්ත්‍රි, සිරි රණසිංහ සහ අජන්ත කුමාර අගලකඩ යන මහත්වරුන් ද ඒ මහතා කෘතවේදීව සිහිපත් කර තිබේ.

ෂර්ලි අනින්ද සිල්වා මහතා BBCMirror Media සහ Asia News Plus One ,

Sfm news ඇතුළු මාධ්‍ය ආයතනවල මාධ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන අතර, මානව හිමිකම් ආරක්ෂණ සංවිධානයේ (HRPO) ද අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සිය නිර්මාණාත්මක දායකත්වය ලබාදෙමින් මෙවැනි ජාතික මට්ටමේ ඇගයීමකට පාත්‍රවීම පිළිබඳව ෂර්ලි අනින්ද සිල්වා මහතාට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු.

www.bbcmirror.lk

www.Asianews.lk

www.sfmnewslk.com

www.Lankawebnews.lk

www.ceylonwebrepoter.com

www.ceylonnewsmedia.com    

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c    

https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-      

http://www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr

Spread the love

2 thoughts on “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන 2025 – වසරේ හොඳම තීරු ලිපියට හිමි සම්මානය ෂර්ලි අනින්ද සිල්වා මහතාට”

  1. В эпоху стремительного развития технологий надежная компонентная база определяет успех любого инженерного проекта. Компания «Компонентс Ру» открывает прямой доступ к глобальному рынку современной микроэлектроники. В масштабном каталоге https://components.ru/ представлено свыше восьми миллионов радиодеталей от мировых брендов с удобным подбором аналогов и быстрой доставкой. Инновации начинаются здесь.

  2. Pacific Map is a web service offering detailed maps of the Pacific coastline, islands, cities, harbors, beaches, and natural landmarks. Interactive nautical and road maps show routes, distances, ferry lines, and ocean depths for every region. All maps can be viewed and printed at https://pacific-map.com/ free of charge. It also features Australia, New Zealand, Japan, and the Hawaiian Islands with accurate printable plans of every coastal town.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *