![]()

හම්බන්තොට බඳගිරිය ජනපදයේ බෙදුම් ඇල 02 ගොවි සංවිධානයට මහජන ධනය වැය කරමින් ලබා දුන් ලක්ෂ 20ක් වටිනා විදුලි පැනලය අතුරුදන් විම
අදාල බලධාරීන්ට යොමුකරපු ලිපි පහළ දැක්වේ අවධානයට
ලූණුගම්වෙහෙර ව්‍යාපාර අධිකාරි බල ප්‍රදේශයට අයත් බඳගිරිය, උප ව්‍යාපාර කමිටුව ගොවි සංවිධාන 04කින් සමන්විත බවත් අංක 02, බෙදුම් ඇළ ගොවි සංවිධානය ඉන් එකක් බවත් සඳහන් කරමි. ගොවි සංවිධාන 04න්ම අංක 02 බෙදුම් ඇළ ගොවි සංවිධානයේ ගොවි පිරිසක් බොහෝ කාලයක පටන් වන අලින් හා දඩාවතේ ගැවසෙන ගවයින්ගෙන් අනේක විධ වධ හිංසාවලට පත් වීම පමණක් නොව ඔවුන්ගේ ගොවිතැන් විනාශ කරගත් අවස්ථාද බොහෝමයක් ඇත. මේ දක්වා ගෙවී ගිය අතීතය හදවතට ගෙන දෙන්නේ ශෝචනීය අමිහිරි බවක් ය.
මෙතෙක් මෙම ගොවි සංවිධානයට පත් වූ සෑම සභාපතිවරයෙක්ම මේ තත්වය දැන දැක දැක මුනිවත රකිමින් තම වගකීම් නිසිලෙස ඉටු නොකර වඑප්රසාද පමණක් ලබා ගැනීමට නිතර නිතර මාන බලමින් එකී තනතුර පසුපස හඹා යාම ගෙවී ගිය ගොවි සංවිධාන ඉතිහාසයට එක් කළ කලූ පැල්ලමක් විතරක් ඉතිරිව තිබීම කණගාටුවට කරුණකි.
හම්බන්තොට දිසාපති තුමන් විසින් අධිබලැති ලක්ෂ 20 ක් පමණ වටිනා විදුලි පැනලයක් ලබා දීම ද සිදු වූයේ මෙවන් කාලයක බව අප කෘතවේදීව මතක් කර සිටිමු. මෙම විදුලි පැනලය එවක සවිකර තිබුණේ අංක 02, බෙදුම් ඇළ ගොවි සංවිධානයට අයත් ගොවියෙකුගේ මිදුලේ තනන ලද මනාව සකස් කළ දොර අගුළු ඉබි යතුරු දමා නිමකළ ආරක්ෂක කුටියක බව අවධාරණය කරමි. මෙම විදුලි පැනලයෙන් වරින්වර ගොවියාගේ ගොවි බිම ආරක්ෂා කරදුන් බවක්, සවිකළ දින පටන් එකී ගොවියාගේ නිවසට විදුලිය ලබා දීම ද එවකට ගොවි සංවිධාන සභාපති විසින් සිදුකර තිබුණි. මේ ආකාරයට ටික කලක් ගත විය. විදුලි පැනලය හදිසියේ අතුරුදහන් වී ඇති බව ගොවින් විසින් කටින් කට පැතිර වූ පුවත එවක සිටි සභාපතිවරයා දැන සිටියත් ඔහු විසින් සිදු කළේ පැනලයේ ඉතිරි කොටස් ඔහුගේ නියමයෙන් භාණ්ඩාගාරික විජයසිරි යන අයට ගලවාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දීම පමණක් සිදුකර ඇති බව දැනගන්නට ලැබී ඇත. විදුලි පැනලය අතුරුදහන් වීම පිළිබඳව කිසිඳු ක්‍රියා මාර්ගයක් නොගැනීම ගොවි සංවිධානයේ අප සියලූදෙනාට සාධාරණ සැකයක් මතු වී ඇති බැව් කණගාටුවෙන් දන්වා සිටිමි.
කාලයාගේ ඇවෑමෙන් තුළ ගොවි සංවිධානය වෙනස් වුවත්, හොරකමේ සුලමුල සොයා ගැනීමේ අරමුණ වෙනසක් නොවීම නිදැල්ලේ යටපත් වී යාම කොතරම් ශෝචනීය අවාසනාවන්ත සිද්ධියක්දැයි ඔබට දැන් මනාව වැටහී ඇතැයි සිතමි. අනතුරුව පත් වූ ගොවි සංවිධානයේ ලේකම්වරයා විසින් මෙම සොරකම ගැන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව කරන ලද පොලිස් පරීක්ෂණයේ දී, හිටපු සභාපතිවරයා කළ අපූරු ප්‍රකාෂය රකෂණ හේතුවෙන් ඉහත සඳහන් කරුණු කළ සැකය තවත් තහවුරු වන්නේ ය. නැති වූ විදුලි පැනලය අංක 02 ගොවි සංවිධානයට අයත් නොවන බවත් මේ සම්බන්ධව අප කිසිවක් නොදන්නා බවත් ය.මෙම ප්‍රකාශය තුළ ගොවි සංවිධාන ස්ථාපිත කිරීමේ වගකීම, දැනුම, ආකල්ප කොපමණ දුරට මෙම වගකීම් දරන නිලධාරීන් විසින් සොයා බැලීම සිදුකර තිබේ ද යන්න මනාව පිළිබිඹු වන්නේ ය. එපමණක් නොව නිලවරණය තුළ දී ගොවියාගේ අදහස් කියා පෑමට අවස්ථාව නොදී වගකීම් දරන නිලධාරියාගේ අභිමතය පරිදි ඔහුගේ අදහස්වලට පමණක් සභාව හසුරුවා සිදු කරන නිලවරණ වල ප්රථිඵලයේ අනිටු විපාක විඳින්නේ අහිංසක ගොවියා ය.
හොරකම් එමට ය. බලපෑම, තාඩන පීඩන නොමැති ගොවි සංවිධාන කෙදිනක හෝ බිහිවන්නේ ද වර්තමානයේ අප ගොවි සංවිධානයේ බොහෝ අඩුපාඩු මෙන්ම වංචනික ක්‍රියාවන් සිදුවන්නේ ව්‍යාපාර අධිකාරියේ නිලධාරින්ගේ වැරදි මත, ආකල්ප සහ අනෙකුත් අනීතික ක්‍රියා කලාපයන් නිසා බව පෙන්වා දෙමි. කීමට බොහෝ දේ ඇතත් ලිපි කඩදාසියකින් එය කියා නිම කළ නොහැක. ගොවි සංවිධානයට අයත් භාණ්ඩ සඳහා ඉන්වෙන්ටි්ර කිසිවක් නැත. බඩු භාණ්ඩ අයාලේ ය. කරන වැරදි සොයා බලා ඒ අය ගැන ගොවීන් දැනුවත් නොකිරීම නිසා නැවත නැවත එවැනි සොර දෙටුවන්ට ගොවි සංවිධානයේ තනතුරු සඳහා දොර ඇරී ඇත. එම නිසා ගරු ජනාධිපති තුමනි, අප ගොවි සංවිධානවල ඇති අකටයුතු අක්‍රමිකතා වංචනික ක්‍රියා නොසැළකිල්ල නිසා අහිමි සම්පත් එමට ය. එම සියල්ල මෙම කොළ කඩදාසියෙන් දිග හැරීමට හැකියාවක් නොමැති හෙයින් ඒ සඳහා පුළුල් සංවාදයක් අනාගතයට භාර කරමි.
ඒ අනුව අපේ සොඳුරු කෙත් බිම් සැනෙකින් අඳුරු කළ ඒ මහා විදලි පැනලයේ සොරකමට සම්බන්ධ සොරුන් අල්ලන්නේ කවදා ද? මෙතෙක් අට්ටාලවල වී වපුරපු දින සිට ගොයම් කපන දවස දක්වා දුක් විඳින ගොවියාට සහනයක් ඇත්තේම නැද්ද? මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු, වගකිව යුත්තෝ කවුරුන් ද? මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකොට වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ පූර්ණ වගකීමකි. විශේෂයෙන්ම මෙය මහජන ධනය යොදා මිලදී ගෙන ගොවි සංවිධානයට භාරදුන් පොදු දේපලක් බැවින් පොදු දේපල පනත යටතේ සෘජුවම කටයුතු කල හැකි බව අපගේ මතයයි.
එබැවින් මෙම මහා හොරකමෙහි මුලිකයා වන හිටපු සභාපති, ධර්මසිරි දිසානායක ඇතුළු මෙයට සම්බන්ධ සෑම සියලු දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක වන තෙක් අපි බලා සිටින නමුත්, හම්බන්තොට පොලිසියද මේ පිලිබඳ නිහඬ ඇයිද යන්න අපට ඇති විශාල ගැටලුවකි. විශේෂයෙන්ම නිතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය දී ඇති රජයක් හමුවේත් නිතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්තියක් ලෙසම පොලිසියට බලපෑම් නොකරන රජයක් හමුවේත් හම්බන්තොට පොලිසිය මෙලෙස ක්‍රියාත්මක නොවීම පැහැදිලිවම ගැටලුවකි.
තවද සාක්ෂි ඕනෑතරම් තිබියදීත් අදාළ පැමිණිල්ල ගැන හම්බන්තොට පොලිසියේ ක්‍රියා කලාපය අප හට සැක සහිතය.
නමුත් බඳගිරිය ජනතාව තවමත් මෙම මහජන සම්පත වෙනුවෙන් සහ එයට වැය කල මහජන ධනය වෙනුවෙන් සාධාරණය ඉටු වේ යයි බලාපොරොත්තුවෙන් සිටිමු.
ජී.ජී. දහනායක
උප සභාපති
අංක 02, බෙදුම් ඇළ ගොවි සංවිධානය
බඳගිරිය
ප්‍රකාශිත ලිපිය පහල දැක්වේ
විශෙෂ වර්තාකරු
දිමුතු දඵවත්ත විසිනි
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website
BBCMirror.lk
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS






