කෙහෙළිය කවදාවත් පැද්දේ නැති බෙන්ස් එකකට මාසෙට 240,000 ගානේ අවුරුදු දෙකක් මුදල් අරන්

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

කෙහෙළිය රඹුක්වැල්ල සිදුකර තිබෙන තවත් වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

විමර්ශන සිදුවන වංචාව වන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිය දී ඔහු විසින් භාවිතා කරන ලද බව කියමින්, බෙන්ස් රථයක් වෙනුවෙන්, වසර දෙකකටත් වඩා වැඩි කාලයක්, මාසයකට රුපියල් දෙලක්ෂ හතලිස් දහස බැගින් කුළියක් ලබා ගැනීමයි.

කෙහෙළිය විසින් තොරතුරු ලබා දී තිබෙන මෙම බෙන්ස් රථය කිසිදු දිනෙක සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රය තුළට පැමිණ නැති බවත්, එය කිරුළපන ප්‍රදේශයේ වාහන අලෙවි සැලක අලෙවියට තබා තිබුණු එකක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අනාවරණය කරගෙන තිබේ.

මෙම බෙන්ස් රථය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාසිකව රුපියල් දෙලක්ෂ හතලිස් දහසක මුදලක් කෙහෙළියගේ මිතුරියකගේ බැංකු ගිණුමකට බැර වී ඇති අතර, සෑම මාසයක දී ම අදාල මුදල මිතුරියගේ සැමියා, කෙහෙළියට ලබා දී තිබෙන බව හෙළි වී තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *