BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ප්‍රවෘත්ති නිවේදනය
ජාතික විද්‍යා සතිය 10 දා ඇරඹේ… විද්‍යාව ප්‍රචලිත කිරීමට සතිය පුරා වැඩසටහන් මාලාවක්…
“විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” තේමා කරගනිමින් ජාතික විද්‍යා සතිය ලබන 10 දා ඇරඹීමට නියමිතය. මේ පිළිබඳ දැනුවත් කිරීමේි පූර්ව මාධ්‍ය සාකච්ඡාවක් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි.
ලෝක විද්‍යා දින සැමරුම – 2025
යුනෙස්කෝ විධායක මණ්ඩලය 2001 වර්ෂයේ දී, සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස නොවැම්බර් 10 දිනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව ප්‍රථම ලෝක විද්‍යා දිනය 2002 නොවැම්බර් 10 දින යුනිස්කෝ අනුග්‍රහය යටතේ ලොව පුරා සමරනු ලැබිණි.
ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය – 2025
ලෝක විද්‍යා දින සැමරුමෙන් පූර්වාදර්ශය ලබා ගනිමින් ශ්‍රී ලංකාවද 2004 වර්ෂයේ සිට සෑම වර්ෂයකම නොවැම්බර් දහය දිනට යෙදෙන ලෝක විද්‍යා දිනය සැමරීම සිදු කරන ලදී. 2017 වර්ෂයේ දී විශේෂ කැබිනට් තීරණයක් අනුව ජාතික විද්‍යා දිනයේ ඊට සමගාමීව ජාතික විද්‍යා සතියක් සැමරීමද ආරම්භ කෙරිණි. එතැන් සිට මේ දක්වා අඛණ්ඩව විද්‍යා හා තාක්ෂණ විෂය භාර අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික විද්‍යා දිනය උත්කර්ෂවත්ව සැමරීම සිදුකරයි.මෙහිදී එක් එක් වර්ෂය සඳහා කාලීන වශයෙන් වැදගත් තේමාවක් යොදා ගැනීම සිදුකරයි.
“විශ්වාසය ගොඩනංවමින් පරිවර්තනීය යුගයක් කරා: ශ්‍රී ලංකාවේ හෙට දවස උදෙසා විද්‍යාව” යන්න තේමා කරගනිමින් මෙවර විද්‍යා දින සැමරීම නොවැම්බර් 10වන දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්වේ. නොවැම්බර් 10 – 14 දක්වා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ ආයතනයන්හි මෙහෙයවීමෙන් ජාතික විද්‍යා සතිය ක්‍රියාත්මක කෙරේ.
ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය සැමරීමේ අරමුණු
• තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට හැකි දැනුවත් සමාජයක් නිර්මාණය කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යභාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.
• සමාජ සංවර්ධනය උදෙසා විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ භාවිතාවන් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාවය ප්‍රවර්ධනයය කිරීම.
• දිළිඳු බව තුරන් කිරීමට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ලබාදීම.
• විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ මැදිහත්වීම සහ ජාතික සංවර්ධනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම යනාදියයි.
විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නැංවීම සහ මෙවර වැඩපිළිවෙළ
නවීන විද්‍යාවන් පර්යේෂණ සහ නවෝත්පාදන ඇතුළු ලොව නැගී එන තාක්ෂණික ධාරාවන් පිළිබඳ දැනුම හා අවබෝධය ව්‍යාප්ත කර ජනතාවට සමීප කරවීම මෙහිදී ඉතා වැදගත් වේ. ඒ සඳහා සමාජය තුළ විද්‍යාව ප්‍රචලිත කරමින් විද්‍යා සාක්ෂරතාව ඉහල නංවා ගැනීම ඉතා වැදගත් පියවරකි. ජාතික විද්‍යා දිනය සහ විද්‍යා සතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ එයයි. (වැඩිදුර තොරතුරු ඇමුණුමේ දක්වා ඇත)
නිත්‍ය සිල්වා
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed
#BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion
#SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice
#CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage
#AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation


