Hotel Show 2025 ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

25 වෙනි දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, එම සමාරම්භක අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් විය.
ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධිධාරි සංගමය, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 17 වන වරටය.
1998 වසරේ ඇරඹි කොළඹ හෝටල් ප්‍රදර්ශනය මෙරට ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශාලතම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන අතර, මෙරට සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට එය මහඟු අවස්ථාවක් වනු ඇත.
Hotel Show Colombo – 2025 ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමටද එක් වූ අතර, එහිදී රැස්ව සිටි පිරිස සමඟ සුහද කතාබහකද නිරත විය.
මෙම උත්සව සභාව ඇමතූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මේ වන විට මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දින දියුණුවෙමින් පවතින බවයි. එබැවින් ඒ පිළිබඳ සියලුදෙනාට සුභවාදී අපේක්ෂා තබාගත හැකි බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කෙරෙන ප්‍රධාන සාධකයක් බවට සංචාරක කර්මාන්තය පත්වනු ඇති බවද සඳහන් කළේය.
Hotel Show Colombo සංවිධාන කමිටුවේ සභාපති ට්‍රෙවින් ගෝමස්, ශ්‍රී ලංකා හෝටල් උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති පැට්‍රික් පෙරේරා යන මහත්වරු ඇතුළු හෝටල්, හොටල් ආශ්‍රිත සැපයුම් සහ සේවා ආදී සංචාරක ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

